2023 (2024) වර්ෂයේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් (WhatsApp) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සහ විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දුන්නේය. විභාග මධ්‍යස්ථානයක සිදු වූ අක්‍රමිකතා සහ ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම පිළිබඳව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට ඇප ලබා දීමට නියෝග කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
















