ඉන්ධන සඳහා රජය විසින් මේ වන විට ලබා දී ඇති සියලු සහනාධාර සැප්තැම්බර් මාසයට පෙර ඉවත් කිරීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වී ඇති බව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අද (01) ඒකාබද්ධ විපක්ෂයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගිය සතියේ ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් මිලියන 695ක ණය මුදල ලබා දී ඇත්තේ ද ඉන්ධන ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පනවා ඇති කොන්දේසි මත බවත්, ඉන් ප්‍රධාන එකක් වන්නේ ඉන්ධන සහනාධාර ඉවත් කිරීම බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව විපක්ෂය පෙන්වා දෙයි.
















