ජීවිතාරක්ෂක ගිනිඅවි බලපත්‍ර ලාභීන් සඳහා පොලිස් මූලස්ථානය විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
2026 වර්ෂයට අදාළව ගිනිඅවි බලපත්‍ර අලුත් කරගත් සියලුම දෙනා, බලපත්‍රය ලබාගෙන අඩ වර්ෂයක් ගත වූ පසු, තම ගිනි අවිය ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු වේ. එහිදී ගිනි අවියේ ක්‍රියාකාරීත්වය සහ බලපත්‍රයේ සඳහන් අංකය, ගිනි අවියේ අංකය සමඟ සැසඳෙන බවට සහතිකයක් ලබා ගැනීමට පියවර ගත යුතුය.
මෙම ක්‍රියාවලිය මින් ඉදිරියට සෑම අඩ වර්ෂයකට වරක්ම සිදු කළ යුතු බව පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ උසස් නිලධාරීන් වෙත දැනුම් දී ඇත. ගිනි අවිවල ආරක්ෂාව සහ නීත්‍යානුකූල භාවිතය තහවුරු කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණයි.
















