හැටන් පොලිස් කොට්ඨාසයේ කාර්යක්ෂමව රාජකාරි කළ පොලිස් නිලධාරීන් ඇගයීමේ උත්සවයක් හැටන් හිදී පවත්වා ඇත.පසුගිය වසරේ සහ මෙම වසරේ ගතවූ මාස 5 තුළ කාර්යක්ෂමව රාජකාරි කළ නිලධාරීන් මෙහිදී ඇගයීමට ලක්කෙරුණා. නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී පොලිස් නිලධාරීන් 48 දෙනෙකුට ත්‍යාග මුදල් පිරිනැමීම සිදු වුණා. එම නිලධාරීන් වෙත පිරිනැමූ මුළු ත්‍යාග මුදල රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ හතලිස් හත්දහස් දෙසිය අනූ තුනක් වේ. දිට්වා සුළි කුණාටුවෙන් හැටන් වටවල ප්‍රධාන මාර්ගය නාය ගිය අවස්ථාවේ එය යථා තත්ත්වයට පත් කිරීමට කැපවූ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවන් වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීමද මෙම උත්සවයේදී සිදුවුණා.
















