සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අනුමැතිය ලැබූ දන්සැල් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
පසුගිය වසරේ (2025) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය අනුමත කළ දන්සැල් සංඛ්‍යාව 8,894ක් ලෙස වාර්තා විය. කෙසේ වෙතත්, මේ වසරේදී එම අනුමත දන්සැල් සංඛ්‍යාව 14,734ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව 2025 වසරට සාපේක්ෂව මෙම වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි දන්සැල් සංඛ්‍යාව 5,840කින් වැඩි වී තිබේ.















