ප්‍රංශයේ පැවැත්වීමට නියමිත යුරෝසැටරි (Eurosatory) ආරක්ෂක ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමෙන් ඊශ්‍රායල රජයේ නියෝජිතයින් වළක්වාලමින් ප්‍රංශය විසින් තහනමක් පනවා ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
ප්‍රංශය විසින් ඊශ්‍රායල අවි නිෂ්පාදකයින්ට ප්‍රහාරක පද්ධති ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇත. ඊශ්‍රායල නිෂ්පාදකයින්ට ප්‍රදර්ශනය කිරීමට අවසර ලබා දී ඇත්තේ “ගුවන් ආරක්ෂක නිෂ්පාදන” (air defence products) පමණක් වන අතර ඔවුන්ට ප්‍රහාරක අවි පද්ධති ප්‍රදර්ශනය කිරීමේ අවසරයක් නොමැත.
















