අඹේවෙළ විහාරස්ථානයේ සිල් සමාදන් වූ උවසි උවසියන් වෙත සිල් රෙදි බෙදා දීමේ පින්කමක් අඹේවෙළ දුම්රිය ස්ථානයේදී සිදු කරන ලදී.
අඹේවෙළ දුම්රිය ස්ථානාධිපති අසේන්ද්ර දිසානායක මහතා ඇතුළු එම දුම්රිය ස්ථානයේ සියලුම සේවක මහත්ම මහත්මීන් එක්ව මෙම සිල් රෙදි බෙදා දීම සිදු කරන ලදී. සිල් රෙදි පිරිනැමීමට සමගාමීව සිල් සමාදන් වූ උවසි උවසියන් සඳහා තේ පැන් සංග්රහයක් ද ලබා දීමට පියවර ගෙන තිබුණි.
















