යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 600 දෙනෙකුට පහසුකම් සැලසීම සඳහා නව නේවාසිකාගාර ව්‍යාපෘති 02ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. මෙම ව්‍යාපෘතියට අදාළ තොරතුරු පහත දැක්වේ:
මෙම ව්‍යාපෘතිය යටතේ සිසුන් 400 දෙනෙකු සඳහා ‘Model A’ වර්ගයේ නේවාසිකාගාරයක් සහ සිසුන් 200 දෙනෙකු සඳහා ‘Model B’ වර්ගයේ නේවාසිකාගාරයක් ඉදි කිරීමට නියමිතය. ඉන් එක් නේවාසිකාගාරයක ටෙන්ඩර් මිල ගණන් 2026 අප්‍රේල් 02 වන දින විවෘත කර ඇති අතර, අදාළ යෝජනා ඇගයීමේ කටයුතු මේ දිනවල විශ්වවිද්‍යාලය මගින් සිදු කෙරේ. විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසික පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය මගින් දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් 16,000ක් සඳහා නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක කරයි. මෙම ව්‍යාපෘති අදියර 3ක් යටතේ එක් එක් විශ්වවිද්‍යාල සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
















