සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 2,200කගේ පහසුකම් වෙනුවෙන් නව නේවාසිකාගාර ව්‍යාපෘති 7ක කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම සැලසුමට අනුව සිසුන් 400 බැගින් රඳවා ගත හැකි ‘Model A’ වර්ගයේ නේවාසිකාගාර 4ක් සහ සිසුන් 200 බැගින් රඳවා ගත හැකි ‘Model B’ වර්ගයේ නේවාසිකාගාර 3ක් ඉදිකිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ එක් නේවාසිකාගාරයක් සඳහා වන ටෙන්ඩර් මිල ගණන් 2026 මැයි 20 වන දින සාර්ථකව කැඳවා ඇත. විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසික පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය මගින් දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් 16,000ක් සඳහා නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක කරයි. එම ව්‍යාපෘති අදියර 3ක් යටතේ එක් එක් විශ්වවිද්‍යාල සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
















