ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 1,200කගේ පහසුකම් වෙනුවෙන් නව නේවාසිකාගාර ව්‍යාපෘති 4ක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ ‘Model A’ වර්ගයේ නේවාසිකාගාර 2ක් සහ ‘Model B’ වර්ගයේ නේවාසිකාගාර 2ක් ඉදි කිරීමට නියමිතය. මින් එක් නේවාසිකාගාරයක් සඳහා වන නිල ටෙන්ඩර් සහ නීතිමය ලියකියවිලි සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව උසස් අධ්‍යාපන අංශය සඳහන් කරයි. විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසික පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය මගින් දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් 16,000ක් සඳහා නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක කරයි. මෙම ව්‍යාපෘති අදියර 3ක් යටතේ එක් එක් විශ්වවිද්‍යාල සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
















