අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 2,000කගේ නේවාසික ගැටලුවලට විසඳුම් ලෙස නව නේවාසිකාගාර ව්‍යාපෘති 6ක් දියත් කර ඇති බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ සිසුන් 400 බැගින් රඳවා ගත හැකි ‘Model A’ වර්ගයේ නේවාසිකාගාර 4ක් සහ සිසුන් 200 බැගින් රඳවා ගත හැකි ‘Model B’ වර්ගයේ නේවාසිකාගාර 2ක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. මින් එක් නේවාසිකාගාරයක් සඳහා වන ටෙන්ඩර් මිල ගණන් 2026 මැයි 21 වන දින නිල වශයෙන් විවෘත කර ඇති අතර, එහි ඉදිරි ක්‍රියාමාර්ග දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසික පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය මගින් දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් 16,000ක් සඳහා නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක කරයි. මෙම ව්‍යාපෘති අදියර 3ක් යටතේ එක් එක් විශ්වවිද්‍යාල සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
















