රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 2,200කගේ පහසුකම් වෙනුවෙන් නව නේවාසිකාගාර ව්‍යාපෘති 7ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ ‘Model A’ වර්ගයේ නේවාසිකාගාර 4ක් සහ ‘Model B’ වර්ගයේ නේවාසිකාගාර 3ක් ඉදි කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘති අතුරින් එක් නේවාසිකාගාරයක් ඉදිකිරීම සඳහා ඉදිකිරීම්කරුවන් තෝරා ගැනීමේ ටෙන්ඩර් මිල ගණන් 2026 මැයි 21 වන දින විවෘත කර ඇත. විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසික පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය මගින් දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් 16,000ක් සඳහා නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක කරයි. මෙම ව්‍යාපෘති අදියර 3ක් යටතේ එක් එක් විශ්වවිද්‍යාල සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.















