වෙසක් පුන් පොහොය නිමිත්තෙන් බොරැල්ල වෙසක් කලාපය තුළ සංවිධානය කර ඇති දින හතක වෙසක් වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
මෙම වෙසක් කලාපය තුළ අඩි 80ක් උසැති දැවැන්ත වෙසක් තොරණක් විවෘත කිරීමේ සමාරම්භක අවස්ථාවට නාමල් රාජපක්ෂ සහභාගී විය. දින හතක් පුරා පැවැත්වෙන මෙම වෙසක් කලාපය තුළ ධර්ම දානමය වැඩසටහන්, විශාල ආලෝක පූජාවක්, බැති ගී ප්‍රසංගයක් මෙන්ම නාට්‍ය හා සංස්කෘතික වැඩසටහන් රැසක්ද ඇතුළත් වේ.















