විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව ස්ථාපිත කරන නව “විදාතා සේවා හා ආධාරක මධ්‍යස්ථානය” (Technology Incubation Center) මේ මස 04 වැනි දින විවෘත කිරීමට නියමිත බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුළ පිහිටුවනු ලබන තුන්වැනි සේවා හා ආධාරක මධ්‍යස්ථානය මෙය වේ.
තාක්ෂණය, කෘෂිකර්මාන්තය සහ ආහාර ක්ෂේත්රය වැනි අංශවල නියුතු ව්‍යවසායකයන් නඟා සිටුවීමත්, ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ වෙළෙඳපොළ වටිනාකම ඉහළ නැංවීමත් මෙම මධ්‍යස්ථාන පිහිටුවීමේ මූලික අරමුණයි. එමෙන්ම, මෙහි වැඩසටහනක කොටසක් ලෙස නැගෙනහිර පළාතේ තෝරාගත් පාසල්වල නව නිපැයුම් සමාජ 100ක් සඳහා නිල වශයෙන් අනුමැතිය සහ ලියාපදිංචියද එදින සිදු කිරීමට නියමිතය. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නවෝත්පාදකයන් සහ ව්‍යවසායකයන් විද්‍යාත්මක පසුබිමකින් පෝෂණය කිරීම රට වෙනුවෙන් සිදු කරන හොඳම ආයෝජනයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අධ්යක්ෂ (විදාතා) මනෝජ් කරුණාරත්න මහතා සඳහන් කළේ, වව්නියාව සහ රුහුණ විශ්වවිද්‍යාල ආශ්‍රිතව දැනටමත් මෙවැනි මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මක වන බවයි. ඉදිරියේදී දිවයින පුරා පවතින විදාතා සම්පත් මධ්‍යස්ථාන 315 ක් ක්ෂුද්‍ර සේවා ආධාරක මධ්‍යස්ථාන බවට පත් කිරීමට අපේක්ෂා කරන අතර, 2040 වසර වන විට වස විසෙන් තොර ආහාර රටාවක් කරා යෑම අමාත්‍යාංශයේ මූලික ඉලක්කයක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
















