වෙසක් පොහොය දිනය සහ පසුදින රාත්‍රියේදී රථවාහන නීති උල්ලංඝනය කරමින්, මහමඟ ගමන් ගන්නා ජනතාවට බිය උපදවන අයුරින් අධික ශබ්ද නිකුත් කරමින් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය කළ යතුරුපැදි 19ක් කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මෙම යතුරුපැදි බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවලට අයත් ඒවා බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර, මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා ලියාපදිංචි අංක පිළිබඳ වාර්තා පදනම් කරගනිමින් යතුරුපැදි හිමිකරුවන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කිරීමට නියමිතය. කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඩී.සී. ප්‍රසාද් මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නන්දන පත්මසිරි මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබේ.
















