මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,572ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එම කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 19ක් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේ මහත්මිය සඳහන් කළේ, මැයි මාසයේදී පමණක් රෝගීන් 8,321ක් වාර්තා වී ඇති බවයි. කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වේ.
රෝග ව්‍යාප්තියේ වැඩි අවදානමක් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 72ක් මේ වන විට හඳුනාගෙන තිබේ. වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, දකුණු පළාතෙන් 16%ක් සහ සබරගමුව පළාතෙන් 9%ක රෝගීන් වාර්තා වී ඇත.
















