වෙසක් සිරි නරඹමින් සිටි ජනතාවට බාධාවක් සහ පීඩාවක් වන පරිදි, ඉතා ඝෝෂාකාරී ලෙස අධික ශබ්ද නගමින් යතුරුපැදි ධාවනය කළ තරුණයින් දස දෙනෙකුට අධික පිරිසක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීමට අදාළ යතුරුපැදි ද පොලිස් භාරයට ගෙන ඇත. පොලිසිය සඳහන් කරන පරිදි, මෙම යතුරුපැදිවල සයිලන්සර් කපා සහ සාමාන්‍ය ක්‍රමවේදය උල්ලංඝනය කරමින් විවිධ කොටස් එක්කර අධික ශබ්දයක් නිකුත් වන සේ වෙනස්කම් සිදුකර තිබිණි.
බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙනවිත් පසුව පොලිස් ඇප මත මුදා හැර ඇත. අදාළ යතුරුපැදි මෝටර් රථ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් චෝදනා පත්‍ර සකස් කිරීමට නියමිත අතර, යතුරුපැදි හිමිකරුවන් ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බණ්ඩාරගම පොලිසිය කටයුතු යොදා තිබේ.
















