ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ග්‍රේස් අසීර්වාදම් මහත්මිය ජාතික කාන්තා කොමිෂන් සභාවේ නව සභාපතිනිය ලෙස පත් කර තිබේ. 2024 අංක 37 දරන කාන්තා සවිබල ගැන්වීමේ පනත යටතේ ස්ථාපිත කරන ලද මෙම කොමිෂන් සභාව, කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම මෙන්ම එම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හෝ උල්ලංඝනය විය හැකි අවස්ථා විමර්ශනය කිරීම සඳහා වගකිව යුතු වේ. 2025 සැප්තැම්බර් මාසයේ සිට මෙම කොමිෂන් සභාව සිය ආයතනික රාමුව, පරිපාලන පද්ධති සහ මෙහෙයුම් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා කටයුතු කරමින් පවතී.
ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ග්‍රේස් අසීර්වාදම් මහත්මිය නේපාලය, නෙදර්ලන්තය, බෙල්ජියම සහ ලක්සම්බර්ග් යන රටවල ශ්‍රී ලංකා තානාපතිනිය ලෙසත්, යුරෝපා සංගමයේ දූත මණ්ඩල ප්‍රධානියා ලෙසත් සේවය කර ඇත. මීට අමතරව, ඇය රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස ද කටයුතු කර තිබේ. ශ්‍රීන් සරූර, ජනාහා සෙල්වරස්, ජයන්ති කුරු-උතුම්පාල, වෛද්‍ය පද්මා ගුණරත්න, වෛද්‍ය කලණ සේනාරත්න සහ එම්. යූ. ගයානි යන මහත්ම මහත්මීන් කොමිෂන් සභාවේ සාමාජිකයින් වන අතර, කේ. ඩී. ආර්. ඕල්ගා මහත්මිය එහි විධායක අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරයි.
















