නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පසුගිය (01) වැනිදා පැය දෙකකට ආසන්න කාලයක් අඩාල වී තිබූ සේවා කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබේ. මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන ලියාපදිංචිය සහ අනෙකුත් සේවාවන් ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටියහ. කෙසේ වෙතත්, දෙපාර්තමේන්තුවේ බලධාරීන් විසින් තාක්ෂණික දෝෂය කඩිනමින් විසඳා පද්ධතිය යථා තත්ත්වයට පත් කර ඇති අතර, මේ වන විට සියලුම සේවා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බව දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
















