කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයින වටා පවතින මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නිවේදනයට අනුව, මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 – 60 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බවත්, ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත් දන්වා ඇත. මෙම නිවේදනය හෙට (ජූනි 03) දිනය දක්වා වලංගු වේ.
















