ලලිත් සහ කූගන් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව පවතින නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස කැඳවා ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අන්තර්ජාල (Online) තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීම සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (02) අවසර ලබා දී තිබේ.
මෙම නඩුව සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය විසින් හිටපු ජනාධිපතිවරයාට කැඳවීම් සිදුකර තිබූ අතර, ඔහුගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය, ඔහුව අධිකරණයට කැඳවීමේ අවශ්‍යතාවය පවතින බැවින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සාක්ෂි විමසීමට තීරණය කළේය.
2011 වසරේ දෙසැම්බර් මාසයේදී යාපනයේදී අතුරුදන් වූ ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගනාදන් යන ක්‍රියාකාරිකයින් දෙදෙනාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මෙම නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාග වෙමින් පවතී.
















