• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණිය බලධාරීන් කෝප් කමිටු නියෝග පැහැර හරිති

නාස්ති වූ රු. මිලියන 5.6ක මහජන මුදල් අයකර ගැනීම යට ගසා ඇති බවට හෙළිදරව්වක්

2 June 2026
in දේශීය, පුවත්
පේරාදෙණිය බලධාරීන් කෝප් කමිටු නියෝග පැහැර හරිති
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය බලධාරීන්ගේ අදූරදර්ශී සහ විචක්ෂණශීලී නොවන පරිපාලනමය තීරණ හේතුවෙන් නිෂ්කාර්ය ලෙස වැය කිරීමට සිදු වූ රුපියල් මිලියන 5.6කට අධික මහජන මුදල වහාම නැවත අයකර ගත යුතු බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (COPE) විසින් ලබාදී තිබූ නිශ්චිත නියෝගයක් එම බලධාරීන් විසින් වසර කිහිපයක සිටම පැහැර හරිමින් සිටින බව වාර්තා වේ.
සිද්ධියට අදාළ තොරතුරුවලට අනුව, 2015 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් කිසිදු විධිමත් විනය පරීක්ෂණයකින් තොරව සහ මූලික විරෝධතා නොසලකා හරිමින් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාගේ සේවය අවසන් කිරීමට කටයුතු කර තිබුණි. මෙම අසාධාරණ තීරණයට එරෙහිව අදාළ නිලධාරියා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ අතර, 2021 වසර අවසානයේදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු වගඋත්තරකරුවන් විසින් එම නිලධාරියාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවයි. ඒ අනුව සේවය අවසන් කිරීමේ තීරණය ශුන්‍ය සහ බලරහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔහුව අතීතයට බලපවත්වන පරිදි නැවත සේවයේ පිහිටුවීමට නියෝග කළ බැවින් විශ්වවිද්‍යාලයට රුපියල් මිලියන 5.6කට අධික මුදලක් හිඟ වැටුප් හා දීමනා ලෙස ඔහු වෙත ගෙවීමට සිදු විය.
මෙම අනිසි ගෙවීම සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදුකළ විගණකාධිපතිවරයා, 2023 මාර්තු 16 දිනැති අංක CPC/KD/D/PU/2022/39 දරණ විශේෂ විගණන විමසුම මඟින් මෙය නිෂ්කාර්ය වැයක් ලෙස හඳුන්වමින්, අදාළ අදූරදර්ශී තීරණය ගත් පුද්ගලයන්ගෙන් මෙම මුදල නැවත අයකර ගැනීමට නිර්දේශ කළේය. පසුව 2023 මාර්තු 22 දින පැවැති පාර්ලිමේන්තු කෝප් කමිටු වාරයේදී ද මෙම මුදල අනිවාර්යයෙන්ම අයකර ගත යුතු බවට නියෝග කෙරුණු අතර, බලධාරීන් එසේ නොකළහොත් විගණකාධිපතිවරයා සතු සුවිශේෂී බලතල භාවිත කර හෝ මෙම මහජන මුදල් අයකර ගන්නා බව එවකට විගණකාධිපතිවරයා අවධාරණය කර තිබුණි.
කෙසේ වෙතත්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මෙතෙක් එම මුදල් අයකර ගැනීමට කිසිදු පියවරක් ගෙන නොමැත. එවකට සිටි විගණකාධිපතිවරයා විශ්‍රාම යාම, නිලධාරීන් මාරුවීම සහ ආණ්ඩු මාරුවීම් පලිහක් කරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාල බලධාරීන් මෙම බරපතළ මූල්‍ය වංචාව යටගැසීමට කටයුතු කර ඇති බව පෙනී යයි. මෙම තත්ත්වය යටතේ, වහාම ක්‍රියාත්මක වී අදාළ මහජන මුදල් රජයට අයකර ගැනීම නව රජයේ කෝප් කමිටු සභාපතිවරයා, නව විගණකාධිපතිවරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සතු පැහැර හැරිය නොහැකි වගකීමක් බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මතක් කර සිටිති.
Post Views: 19
Previous Post

ලලිත් – කූගන් අතුරුදන්වීමේ නඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඔන්ලයින් සාක්ෂි දීමට අවසර

Next Post

කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය ජනාධිපති නීතිඥවරයෙකු ඇතුළු දෙදෙනෙකුට අධිකරණයෙන් සිතාසි

Editor TTV News

Editor TTV News

Next Post
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය ජනාධිපති නීතිඥවරයෙකු ඇතුළු  දෙදෙනෙකුට අධිකරණයෙන් සිතාසි

කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය ජනාධිපති නීතිඥවරයෙකු ඇතුළු දෙදෙනෙකුට අධිකරණයෙන් සිතාසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved