කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ජනප්‍රිය ගායන ශිල්පිනී අභිෂේකා විමලවීර, තමන් කලා කටයුතුවලින් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර ඇති බව පවසයි.
ඇය සඳහන් කරන්නේ පසුගිය අප්‍රේල් මාසයේ සිට තම ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවයි. ඇය මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ සිය මව හදිසියේ අසනීප වීම හේතුවෙනි. තම මවගේ සුවදුක් බලාගනිමින් ඇයව රැකබලා ගැනීම වෙනුවෙන් මේ අවස්ථාවේදී මුල්තැන ලබා දීමට තමා තීරණය කළ බව අභිෂේකා සඳහන් කරයි.
මවගේ වගකීම වෙනුවෙන් කලාවෙන් තාවකාලිකව සමුගැනීමට ඇය ගත් මෙම තීරණයට ඇයගේ රසික රසිකාවියන් ඇතුළු බොහෝ දෙනෙකු සිය ගෞරවය සහ ආශිර්වාදය පළ කරමින් සිටී.
















