ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2026-2027 වසර සඳහා ක්‍රීඩකයින් 46 දෙනෙකු වෙත වාර්ෂික කොන්ත්‍රාත් පිරිනමා තිබේ. මෙම ගිවිසුම් කාලසීමාව 2026 අප්‍රේල් 01 වැනිදා සිට 2027 මාර්තු 31 වැනිදා දක්වා බලපැවැත්වේ.
මෙම කොන්ත්‍රාත් පිරිනැමීම සහ වර්ගීකරණය සම්බන්ධ ප්‍රධාන කරුණු පහත පරිදි වේ.
ක්‍රීඩකයින් A1, A2, B1, B2, C1 සහ මධ්‍යම ගිවිසුම් (Central Contract) ලෙස කාණ්ඩ 6ක් යටතේ වර්ගීකරණය කර ඇත.
ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී පසුගිය තරග වාරයන්හි දැක්වූ දක්ෂතා, ක්‍රීඩාවේ ස්ථාවරත්වය, ශාරීරික හා මානසික සුදුසුකම්, අනාගත විභවය සහ ජාතික කණ්ඩායමේ උපායමාර්ගික අවශ්‍යතා යන කරුණු දැඩි ලෙස සැලකිල්ලට ගෙන තිබේ.
තේරී පත් වූ ක්‍රීඩකයින්ට ඉහළම මට්ටමෙන් ක්‍රීඩා කිරීමට අවශ්‍ය පසුබිම, ව්‍යුහය සහ සම්පත් සැපයීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිගුකාලීන සංවර්ධනය උදා කර ගැනීම මෙම ගිවිසුම්වල මූලික අරමුණයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මෙම පියවර හරහා ක්‍රීඩකයින්ගේ දක්ෂතා වඩාත් ක්‍රමවත්ව කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන බවයි.
















