ජූනි මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය පිළිබඳ තීරණය අනිද්දා (04) දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
ඒ අනුව, ජූනි මස 05 වැනිදා සිට නව ගෑස් මිල ක්‍රියාත්මක වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම දැක්වූ කරුණු කිහිපයක් පහත දැක්වේ.
මාසික ගෑස් මිල සංශෝධනයට අදාළ වාර්තා මේ වන විට මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති අතර, එහි අවසන් වාර්තාව අනිද්දා දිනයේදී ලැබීමට නියමිතව ඇත.
ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන්වලට සාපේක්ෂව මෙවර ගෑස් මිල සංශෝධනය කිරීමට ලිට්‍රෝ සමාගම සැලසුම් කර ඇත.
කෙසේ වෙතත්, පසුගිය මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් සිදු නොකිරීමට සමාගම පියවර ගෙන තිබුණි.
















