විදේශ විනිමය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා රුපියලේ අගය යළිත් වරක් අවප්‍රමාණය වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන් පෙන්වා දෙයි.
අද (02) දිනය සඳහා වාර්තා වූ විනිමය අනුපාතික පහත පරිදි වේ.
එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.75ක් සහ විකුණුම් මිල රුපියල් 336.60ක් ලෙස සටහන් වේ.
පසුගිය දිනවල පැවති විනිමය අනුපාතිකයන් සමඟ සැසඳීමේදී මෙම ඉහළ යාම මෙසේ දැක්විය හැක.
සිකුරාදා (29) දිනයේ ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින් රුපියල් 324.45ක් සහ රුපියල් 334.24ක් ලෙස පැවතුණි.
ඊයේ (01) දිනයේදී එම අගයයන් පිළිවෙලින් රුපියල් 325.97ක් සහ රුපියල් 335.70ක් දක්වා ඉහළ ගියේය.
ඒ අනුව, ගතවූ දින කිහිපය තුළ ඩොලරයේ අගය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව නිරීක්ෂණය කළ හැක.
















