ඊයේ දිනයට සාපේක්ෂව අද (02) දිනයේ මෙරට රන් පවුමක මිලෙහි සුළු පහළ යාමක් වාර්තා වී තිබේ. රන් මිලෙහි සිදුවූ මෙම වෙනස්කම් සමඟ අද දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහත දැක්වේ.
රන් අවුන්සයක මිල රුපියල් 1,380,081ක් ලෙස සටහන් වේ.
කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 357,100ක් දක්වා අඩු වී ඇත.
එසේම, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,690ක් වේ.
කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 44,640ක් වන අතර, කැරට් 21 ග්‍රෑම් 1ක මිල රුපියල් 42,610ක් ලෙස වාර්තා වේ.















