මවගෙන් දරුවාට HIV වෛරසය සම්ප්‍රේෂණය වීම සාර්ථක ලෙස අවම කරමින් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම හරහා ශ්‍රී ලංකාව අත්කරගත් ප්‍රගතිය, ජිනීවාහි පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේදී විශේෂ ඇගයීමට ලක්විය.
මෙම ජාත්‍යන්තර කීර්තිය ශ්‍රී ලංකාවට අත්කර දීම වෙනුවෙන් කැපවූ නිලධාරීන් සහ අදාළ අංශ ඇගයීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පියවර ගත්තේය.
මෙම අවස්ථාවට අදාළ වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ:
අමාත්‍යවරයාගේ ඇගයීම: ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහනේ මෙන්ම පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශයට කැඳවූ අමාත්‍යවරයා, ඔවුන් රට වෙනුවෙන් ඉටුකළ සුවිශේෂී මෙහෙවර අගය කළේය.
ඓතිහාසික පසුබිම: මෙම ජයග්‍රහණය වෙනුවෙන් දශක ගණනාවක් පුරා කැපවීමෙන් කටයුතු කළ අතීතයේ සේවය කළ නිලධාරීන් ද අමාත්‍යවරයා මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළේය.
ජාත්‍යන්තර පිළිගැනීම: මවගෙන් දරුවාට HIV සම්ප්‍රේෂණය මහජන සෞඛ්‍ය ගැටලුවක් නොවන මට්ටමට අවම කර පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගනු ලැබීය.
















