ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම උග්‍රවීම පාලනය කිරීමේ අරමුණින් වන අලින්ගේ වාසස්ථාන සහ සංක්‍රමණ මාර්ග සුරක්ෂිත කිරීම සඳහා විශේෂ පියවර මාලාවක් ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
මෙරට භූමි ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක වන අලින් සැරිසරන අතර, සංවර්ධන ව්‍යාපෘති සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් එම සතුන්ගේ සාම්ප්‍රදායික ගමන් මාර්ග අවහිර වී තිබීම ගැටුම් තීව්‍ර වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ. ඒ අනුව පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා මත පහත ක්‍රියාමාර්ග ගැනීමට තීරණය වී ඇත.
මොනරාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල සිට දෙමෝදර මැණික් ගඟ හරහා යාල ජාතික වනෝද්‍යානය දක්වා වන අලි සංක්‍රමණ මාර්ගය වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
වැටහිර කන්ද ස්වභාව රක්ෂිතයේ පවතින බලපත්‍රලාභී ඉඩම් කට්ටි 05ක් වෙනුවට රක්ෂිතයට පිටතින් සුදුසු විකල්ප ඉඩම් ලබා දී, එම ප්‍රදේශය වන පිවිසුමක් ලෙස නැවත ප්‍රකාශයට පත් කෙරේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොහොලන්කළ අලිමංකඩ අවහිර වන පරිදි ඉදිකර ඇති ගොඩනැගිලි ඇතුළත් ඉඩම් කොටස් රජයට අත්පත් කර ගැනීම සඳහා වන්දි ගෙවීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාළ ප්‍රාදේශීය ආයතනවල මූලිකත්වයෙන් වන අතර, එමගින් අලි-මිනිස් ගැටුම් අවම කරමින් වන අලින්ගේ ස්වාභාවික වාසස්ථාන ආරක්ෂා කිරීම රජයේ අපේක්ෂාවයි.
















