නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ජල ගාස්තු ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ නංවන බවයි. කොළඹදී පැවති පත්වීම් ලිපි ප්‍රධානෝත්සවයකදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉහළ ගිය විදුලි ගාස්තුවට සාපේක්ෂව මෙම ගාස්තු වැඩිවීම සිදුකරන බවයි.
විදුලි බිලෙන් ජල බිලේ ආවරණය වන්නේ 12%ක ප්‍රමාණයක් වන අතර එම 12% තුළින් 18%ක් වැඩිවීමක් සිදුවන බව අමාත්‍යවරයා පවසයි. ජල ඒකකයකට මෙම ගාස්තු වෙනස අදාළ වන අතර එය ඉතාමත් සුළු මුදලක් බව අමාත්‍යවරයා සඳහන් කළේය. විදුලි බිලේ සිදුවන උච්චාවචනය ජල බිලට බලපාන ආකාරය මෙය බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
















