ඇල්පිටිය කහදූව තුඩුවෙගොඩ ප්‍රදේශයේදී මාස දෙකහමාරක බිළිඳියක් ළිඳට විසි කළ මවක් අද (02) ඇල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිදුවීම සැලවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ බිළිඳියගේ පියා ළිඳ තුළ පාවෙමින් සිටි දියණිය ගොඩට ගෙන අසල්වාසීන්ගේ සහාය ඇතිව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර, ඇයගේ දිවි බේරී තිබේ. පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ බිළිඳියගේ තත්ත්වය බරපතල නොවන බවයි.
















