ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කළ “මහවත්තේ චාමර” නැමැති අපරාධකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත, කොළඹ පොදු සුසාන භූමියක සඟවා තිබූ ගිනිඅවි සහ උණ්ඩ තොගයක් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයාගෙන ඇත.
මෙරටදී නිෂ්පාදනය කරන ලද “මිනි ඌෂි” (Mini Uzi) වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක් සොයාගැනීම මෙහි ඇති විශේෂත්වය වන අතර මින් පෙර මෙරටදී කිසිඳු පොලිස් ඒකකයක් විසින් මෙම වර්ගයේ ගිනිඅවියක් සොයාගෙන නොමැත. මීට අමතරව විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්, මැගසිනයක් සහ ඊට අයත් උණ්ඩ 3ක් ද පොලිස් භාරයට ගෙන ඇත. මහවත්තේ චාමර නැමැති අපරාධකරු මේ වන විට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කෙරෙන අතර, මෙම මිනි ඌෂි වර්ගයේ ගිනිඅවිය ප්‍රතිවාදීන් බියගැන්වීම සඳහා අපරාධකරුවන් විසින් යොදාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
















