ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර පවතින ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහි දෙරටේ අවධානය යොමුව තිබේ.
ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනවිරත්න මහතා සහ ෆයූම් වෙළෙඳ මණ්ඩලයේ (Fayoum Chamber of Commerce) නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව කරුණු සාකච්ඡා කෙරිණි. ඊජිප්තුවේ ෆයූම්හිදී පැවැති මෙම හමුවේදී වෙළෙඳාම, සංචාරක කර්මාන්තය සහ කෘෂි සැකසුම් යන අංශවල නව හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
එහිදී ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සහ ව්‍යාපාරික පරිසරය පිළිබඳව තානාපතිවරයා විසින් කරුණු පැහැදිලි කරන ලදී. මෙම සබඳතා ශක්තිමත් කිරීම තුළින් දෙරටේ ආර්ථික සංවර්ධනයට වැඩි දායකත්වයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
















