‘ගම් දහසක – වැඩ දහසක්’ ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනට සමගාමීව, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රියාත්මක කෙරෙන කෘෂි භෝග ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොබ්බෑවල ග්‍රාම නිලධාරි වසමේදී පැවැත්විණි. මෙම කෘෂි භෝග ව්‍යාපෘතියේ මූලික අදියර සඳහා රුපියල් ලක්ෂ 15ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 51ක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 71ක මුදලක් වෙන් කර තිබේ.
උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් 55 දෙනෙකු සඳහා හිමිකම් සහතික බෙදා දීමද මෙහිදී සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය, ගලිගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්. එල්. රාජපක්ෂ, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















