රුසියාව විසින් පාලනය කරනු ලබන නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ ගමන් කරමින් තිබූ මගී බස් රථයකට යුක්රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් සිවිල් වැසියන් අට දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව රුසියාව චෝදනා කරයි.
මොස්කව් සිට රුසියාව විසින් පාලනය කරන ක්‍රිමියාවේ සිම්ෆෙරොපෝල් දක්වා ගමන් කරමින් තිබූ මෙම බස් රථය, ඩොනෙට්ස්ක්හි යෙනකීවෝ (Yenakiievo) ජනාවාසයේ මගීන් නංවා ගැනීමට නතර කළ අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත. ඩොනෙට්ස්ක් කලාපයේ රුසියාව විසින් පත් කර ඇති ප්‍රධානී ඩෙනිස් පුෂිලින් (Denis Pushilin) මේ බව තහවුරු කර තිබේ.
















