කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනයට අනුව, දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (ජූනි 04) බලාපොරොත්තු විය හැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇත. මීට අමතරව, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති වීමේ හැකියාවක් ද පවතී.
දිවයිනේ සෙසු ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවයි.
තද සුළං තත්ත්වයන් පිළිබඳව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කර තිබේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් විටින් විට තද සුළං හමා යා හැක. සෙසු ප්‍රදේශවලදී ද පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් සුළං හමා යාමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. විශේෂයෙන්ම අකුණු අනතුරු වළක්වා ගැනීමට ආරක්ෂිත පියවර අනුගමනය කිරීම සහ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටීම වැදගත් වේ.
















