බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 41ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
සබිනා පාර්ක් පිටියේදී වසර 13කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් වාර්තා කළ මෙම ජයග්‍රහණය ඉතා සුවිශේෂී වේ.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 303ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. එයට පිළිතුරු වශයෙන් පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් පිලට පන්දුවාර 49යි පන්දු 2ක් තුළදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 262ක් පමණි.
















