ගාල්ල ප්‍රදේශයේ දේපළ සොරකමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින 16 හැවිරිදි තරුණයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියකට අදාළව එකම පවුලේ සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් ඔස්සේ කළ විමර්ශනවලින් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර 47 හැවිරිදි කාන්තාවක්, ඇයගේ සැමියා සහ ඔවුන්ගේ 17 හැවිරිදි දියණිය සහ පුත්‍රයා සිටින බව පොලීසිය පවසයි. සැකකරුවන් අද (04) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
















