මෙරට තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වන අයුරින් ගීත ගායනා කිරීමේ චෝදනාව මත සැකකරුවෙකු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය මැයි 31 වන දින යාපනය, චාවකච්චේරිය නාවක්කුලි ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී මෙම සැකකරු විසින් අදාළ තහනම් සංවිධානය වෙනුවෙන් ගීත ගායනා කර තිබේ. එම සිදුවීමට අදාළව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තේය. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















