දිවයින පුරා මදුරු මර්දන කටයුතු වඩාත් විධිමත් කිරීම සහ ඩෙංගු ඇතුළු මදුරුවන්ගෙන් බෝවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව, එළඹෙන ජුනි මස 08, 09 සහ 10 යන දින තුන මදුරු මර්දන විශේෂ දින තුනක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. මෙම දිනවලදී ජනතාව තම නිවෙස්, වැඩබිම් සහ අවට පරිසරය මදුරුවන් බෝවන ස්ථානවලින් තොරව පිරිසිදුව තබා ගැනීමට සහාය ලබා දෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.
















