දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝගයට සමාන රෝග ලක්ෂණ සහිත රෝගීන් 250 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
දෙනියාය, දියතලාව, මහනුවර, වැලිමඩ සහ රිකිල්ලගස්කඩ යන ප්‍රදේශවලින් මෙම රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හරේන්ද්‍ර දසනායක මහතා පවසන්නේ මෙය එන්ටරෝ වෛරස කාණ්ඩයට අයත් වෛරසයකින් පැතිර යන රෝගී තත්ත්වයක් බවයි.
සමස්ත රෝගීන් 250 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 50කටත් වඩා අඩු පිරිසකි. තද උණ, හිසරදය, වමනය සහ බෙල්ලේ වේදනාව මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇත. රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන අතර නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
















