• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

On Approval Bill ක්‍රමය අහෝසියි

බදු පැහැරහැරීම්වලට වැට බඳින්නට නි. ඇමති චතුරංගගේ ප්‍රධානත්වයෙන් විශේෂ මෙහෙයුමක්

4 June 2026
in දේශීය, පුවත්
On Approval Bill ක්‍රමය අහෝසියි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දේශීය වෙළෙඳපොළ තුළ දීර්ඝ කාලයක තිස්සේ පවතින බදු පැහැරහැරීම්, භාණ්ඩ ආනයනයේදී සිදුවන අඩු මිල ප්‍රකාශ කිරීම් (Undervaluation) සහ ප්‍රමිතියෙන් තොර පාරිභෝගික භාණ්ඩ අලෙවි කිරීමේ ජාවාරම්වලට තිරසාර විසඳුම් සෙවීම සඳහා රජයේ ඉහළම ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (03) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ හමුව සඳහා මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඉහළම නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. දේශීය කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස විමර්ශනය කර ඇති අතර, වෙළෙඳපොළේ සිදුවන මූල්‍ය වංචා වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නිශ්චිත සහ දැඩි ක්‍රියාමාර්ග කිහිපයකට එළඹීමට ද නායකත්වය එකඟතාව පළ කර ඇත.
ඒ අනුව, වෙළෙඳපොළ තුළ දැනට ඇතැම් ආයතන විසින් බදු මඟහැරීම සඳහා අනිසි ලෙස භාවිත කරනු ලබන “On Approval Bill” ක්‍රමවේදය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට තීරණය කර තිබේ. මින් ඉදිරියට භාණ්ඩ අලෙවි කරනු ලබන සෑම ව්‍යාපාරික ආයතනයක්ම තමන් සන්තකයේ පවතින භාණ්ඩ සඳහා සැපයුම්කරුගේ විස්තර, ආනයනකරුගේ විස්තර මෙන්ම සැපයුම්කරුගේ නිල ඉන්වොයිසි (Invoice) ළඟ තබා ගැනීම අනිවාර්ය වනු ඇත. මෙම දැඩි පියවර හරහා ‘Backward Audit’ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් දේශීය වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති ඕනෑම භාණ්ඩයක මූලාශ්‍රය සහ සමස්ත සැපයුම් දාමය ඉතා පහසුවෙන් සොයා බලා නීතිමය පියවර ගැනීමට පාලකයින්ට හැකියාව ලැබෙනු ඇත.
මීට අමතරව, නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන හෝ සාමාන්‍ය නිෂ්පාදන පිරිවැයට වඩා අසාමාන්‍ය ලෙස අඩු මිලකට අඛණ්ඩව භාණ්ඩ අලෙවි කරනු ලබන සැකකටයුතු ව්‍යාපාරික ස්ථාන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අඛණ්ඩ විමර්ශන (Investigations) සිදු කිරීමට ද නියමිතය. රජයේ නව තීරුබදු ප්‍රතිපත්තිය යටතේ ඉදිරි කාලයේදී CESS බදු සහ PAL බදු ඉවත් කිරීමට සැලසුම් කර ඇති බැවින්, දේශීය ව්‍යවසායකයා ආරක්ෂා වන පරිදි සාධාරණ සහ තරඟකාරී වෙළෙඳපොළ වටපිටාවක් නිර්මාණය කිරීම උදෙසා වත්මන් පාලනය ගන්නා මෙම නවතම ක්‍රියාමාර්ග අතිශය තීරණාත්මක සහ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 7
Previous Post

මේ පාලකයා ධාර්මික නෑ.. නිරාගමිකයි..

Next Post

මෙනින්ජයිටිස් රෝගීන් 250ක් වාර්තා වේ

Editor TTV News

Editor TTV News

Next Post
මෙනින්ජයිටිස් රෝගීන්  250ක් වාර්තා වේ

මෙනින්ජයිටිස් රෝගීන් 250ක් වාර්තා වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved