2026 වසරේ ගෙවී ගිය මාස පහක කාලය තුළ සිදුවූ රිය අනතුරු 1096ක් හේතුවෙන් පුද්ගලයන් 1152 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි.
මෙම මරණ සංඛ්‍යාවෙන් වැඩිම පිරිසක් යතුරුපැදිකරුවන් (401) සහ පදිකයන් (381) වේ. මීට අමතරව, පසුගිය වෙසක් සතියේ දින හතරක කාලය තුළ පමණක් සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 40 දෙනෙකු මියගොස් ඇති බව සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
රියදුරන්ගේ සහ පදිකයන්ගේ නොසැලකිල්ල මෙන්ම මාර්ග නීති උල්ලංඝනය කිරීම් මෙම අනතුරුවලට ප්‍රධාන හේතුව බව පොලිසිය පෙන්වා දෙයි. ඉදිරියේදී මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැඩි පියවර ගැනීමට කටයුතු යොදා ඇති බවත්, සියලුම මාර්ග භාවිතා කරන්නන් වගකීමෙන් කටයුතු කළ යුතු බවත් පොලිස් දෙපාර්තමේන්තුව සිහිපත් කරයි.
















