අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ හොරපේ උප දුම්රිය ස්ථානය අසල පිහිටි නවම්මහර දුම්රිය හරස් මාර්ගයේ තාවකාලික රථවාහන සීමා කිරීම් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුවට අනුව, චේන් 05 හි සැතපුම් 08 හි පිහිටා ඇති මෙම හරස් මාර්ගය හරහා ගමන් කරන රථවාහන සඳහා නිශ්චිත දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ සීමා පැනවීමට නියමිතය. මෙම කාලසීමාව තුළ රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත්, ගමනාගමන කටයුතු සඳහා අවධානයෙන් පසුවන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටී.
















