සංජීව රජපක්ෂ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.පාසල් අධ්‍යාපනයෙන් පසුව වයඹ විශ්වවිද්‍යාලයේ සේවයට බැදුන ඔහු පසුව තාක්ෂණ නිලධාරී වරයෙකු ලෙස උසස්වීම් ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණේ.අදාල තනතුරේ පරිවාස පදනම මත සේවයේ පිහිටවූ ඔහු අනුයුක්ත කර තිබුනේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවටය.
මෙම දෙපාර්තමේන්තුවේ සේවය කරන අවධියේ එම අංශ ප්‍රධාන මහාචාර්ය වරයා සමග ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් සංජීව රාජපක්ෂගේ පරිවාස කාලය ස්ථීර නොකර ඔහු සේවයෙන් නෙරපා හැරීමට විශ්වවිද්‍යාලය විසින් කටයුතු කර ඇත.මෙම නෙරපීම පිලි නොගත් සංජීව ඊට එරෙහිව විශ්වවිද්‍යාල සේවා අභියාචනා මණ්ඩලය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.පසුගියදා ලබාදී තිබෙන එහි තීන්දුව මගින් සංජීව රාජපක්ෂගේ නෙරපා හැරීම බලරහිත කර ඔහු පෙර දරන ලද තනතුර වූ ලිපිකරු තනතුරේ නැවත සේවයේ පිහිටුවා හිග වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙසත් සේවා කාලයට අදාල ජ්‍යෙෂ්ඨතාවය ඇතුලු වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන ලෙසත් නියෝග කර ඇත.කෙසේ වෙතත් මෙම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය මේ වන විට කටයුතු කර ඇති බව වාර්තා වේ.
එසේම පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියට අයුතු ඇතුල්වීමක් සිදුකල බවට චෝදනා කරමින් සංජීව රජපක්ෂට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් සිදුකරන ලද පැමිණිල්ලක් ප්‍රකාර පේරාදෙණිය පොලිසිය විසින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබුන නඩුවකින් සංජීව රාජපක්ෂ නිදොස් කොට නිදහස් කිරීමට එම අධිකරණය විසින් කටයුතු කර ඇත.
මෙම තීන්දු දෙකම මෙරට නීතියේ සහ අධිකරණයේ ස්වාධීන තාවයත් බලවත් රාජ්‍ය ආයතන මගින් අසාධාරණයට ලක් වන සේවකයන්ට නීතියෙන් ලබාගත හැකි පිලිසරණත් සම්බන්ධ අගයකල යුතු පූර්වාදර්ශයන් සපයනු ලබයි.
එසේම සංජීව රාජපක්ෂ තරුණයා යුක්තිය වෙනුවෙන් දශක එක හමාරකට වැඩි කාලයක් පුරා ගෙනයනු ලබන හුදෙකලා අරගලය මෙරට යුක්තිය අගයන පුරවැසියන්ගේ අගයකිරීමට ලක්විය යුතු බවත්,ඔහුට මෙරට නීතිය පිලිබද කටයුතු කරන සංවිධාන වල සහ පුරවැසියන්ගේ සහයෝගය ලැබිය යුතු බවත් බුද්ධිමත් විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අදහසය.
















