මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ නඩුව අද (04) විශේෂ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.
නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන සාක්ෂි විමසීම් කිහිපයක් සිදු වූ අතර, පුද්ගලයින් දෙදෙනෙකුගේ සාක්ෂි ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් තාවකාලිකව සාක්ෂි ලබා දීමෙන් මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. මෙහිදී මෙම නඩුවේ සිව්වන සාක්ෂිකරුගේ සාක්ෂිය නැවත ලබා ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. අදාළ සාක්ෂිකරුට එල්ල වූ බලපෑමක් හේතුවෙන් මුලින් ලබා දුන් සාක්ෂිය වෙනස් කිරීමට සිදුව තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ත්‍රිකුණාමල අධිකරණයේ විභාග වන නඩුවේ ප්‍රගතිය මත එම සාක්ෂිය යළි ලබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණය අවධානය යොමු කර ඇත.
මෙම නඩුව එළඹෙන ජූනි 19 වැනි දින යළි කැඳවීමට නියමිත අතර, එදිනට 14, 15, 95 සහ 96 යන සාක්ෂිකරුවන් කැඳවීමට සිතාසි නිකුත් කරන ලෙසද අධිකරණය නියෝග කළේය. සිදුවීම සම්බන්ධයෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ද අදහස් දැක්වූවාය.
















