මැණික් ගල් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුට අයුතු බලපෑම් කර බලයෙන් මුදල් ලබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළව ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
රත්නපුර කොට්ඨාස විමර්ශන ඒකකය විසින් මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇහැලියගොඩ ප්‍රදේශයේදීය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.
















