දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් ස්ථාපිත කර ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයකු වන ලෝරන්ස් එරල් කුමාරවේල් මාටි (Lawrence Errol Coomarawel Marti) මහතා විසින් රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ. අදාළ මුදලට හිමි චෙක්පත ඒ මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වෙත භාර දෙනු ලැබීය.
















