ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති ‘ඩයමන්ඩ් ලීග්’ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 92.62ක දුරක් වාර්තා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 90 සීමාව ඉක්මවා හෙල්ල විසි කළ පළමු ක්‍රීඩකයා වීමේ ගෞරවය ද රුමේෂ් තරංගට හිමි වේ.
මෙම විශිෂ්ට දක්ෂතාවයත් සමඟ රුමේෂ් තරංග ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ දෙවන හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතාවය වාර්තා කළ ක්‍රීඩකයා ලෙසත්, ලෝක මලල ක්‍රීඩා ඉතිහාසයේ හොඳම දක්ෂතා අතර 8 වැනි ස්ථානයටත් පත්වීමට සමත් විය. තවද, 2026 වසරේ ලෝකයේ වාර්තා වූ හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතාවය ලෙස මෙය සටහන් වන අතර, 2026 වසර තුළ මීටර් 90 සීමාව පසු කළ පළමු සහ එකම ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග ඉතිහාසයට එක්වීම විශේෂත්වයකි.
















