ආහාර ද්‍රව්‍යවල නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය සහ අත්‍යවශ්‍ය ලේබල් තොරතුරු කිසිවක් නොමැතිව තොග වශයෙන් බෙදාහැරීමේ කටයුතුවල නිරතව සිටි නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ සැපයුම්කරුවෙකුට අයත් ගබඩා 04ක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පසුගිය 03 වැනි දින සම්පූර්ණයෙන්ම මුද්‍රා තබා තිබේ.
මෙම සැපයුම්කරු විසින් දිවයිනේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල්, විවිධ ආයතන සහ සුපිරි වෙළෙඳසැල් වෙත ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් බෙදාහැර ඇති බවට අනාවරණය වී ඇත. අදාළ ගබඩා පරීක්ෂා කිරීමේදී පාරිභෝගික නීති රැසක් උල්ලංඝනය කරමින් සෞඛ්‍යාරක්ෂිත නොවන අයුරින් සහ නියමිත ප්‍රමිතීන්වලින් තොරව ආහාර ද්‍රව්‍ය ගබඩා කර තිබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
පාරිභෝගිකයින්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වූ මෙම සැපයුම් ජාලය පිළිබඳව අධිකාරිය දැඩි අවධානය යොමු කර ඇත. මෙම සිදුවීම හේතුවෙන් ප්‍රධාන පෙළේ හෝටල් සහ ආයතනවලින් ආහාර ලබා ගන්නා පාරිභෝගිකයින් ද ඒ පිළිබඳව විමසිලිමත් විය යුතු බවට වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.
















